මහවැලි H කලාපයේ ගොවීන් 226කට ඉඩම් ඔප්පු
මහවැලි H කලාපයේ ගොවීන් 226කට ඉඩම් ඔප්පු
ගොඩනගමු ශ්‍රී ලංකා තේමාව යටතේ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාව වෙත ඉඩම් ලබාදීම සිදු කෙරුණා.
පළමු අදියර යටතේ ගොවීන් 226 දෙනෙකු සඳහා ඉඩම් ඔප්පු පිරිණැමුණේ අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මහවැලි එච් කලාපයේ ඉඩම් 2,000ක් ලබාදීමට නියමිතයි.
අදියර කිහිපයක් යටතේ ඉඩම් ඔප්පු ලබාදීමට සැළසුම් කර තිබෙනවා.
පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය සඳහා තඹුත්තේගම, රාජාංගනය යන ප්‍රදේශවල ගොවි ජනතාව එක්ව සිටියා.
2026 වසරේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් යොදවා ඇති බවයි අමාත්‍ය සුසිල් රණසිංහ මහතා මෙහිදී පැවසුවේ.



