අමතර තීරුබදු පනවමින් ජනපති ට්රම්ප්ගෙන් ව්ධායක නියෝගයක්
අමතර තීරුබදු පනවමින් ජනපති ට්රම්ප් විධායක නියෝගයක්
ඉරානය සමග වෙළෙඳාම් සිදුකරන රටවලට අමතර තීරුබදු පනවන බවට සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇත.
අමෙරිකාව සඳහන් කළේ, ඉරානයෙන් සෘජුව හෝ වක්රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ වෙනත් ආකාරයකින් ලබාගෙන අමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන ඕනෑම රටක් මෙම නියෝගයට ඇතුළත් බවයි.
මෙම නියෝගය පැනවිය හැකි අනුපාත නිශ්චිතව දක්වා නොමැති අතර එය 25% පමණ අගයක් විය හැකි බව වාර්තා වේ.






