ගාල්ල බන්ධනාගාරයෙන් දුරකථන හා සිම්පත් තොගයක්

0
ගාල්ල බන්ධනාගාරයෙන් දුරකථන හා සිම්පත් තොගයක්

ගාල්ල බන්ධනාගාරයෙන් දුරකථන හා සිම්පත් තොගයක්

ගාල්ල බන්ධනාගාරයේ A, B සිරමැදිරි හා C, D සිරමැදිරිවල ඉකුත් අඟහරුවාදා දින (03) සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අයිතිකරුවන් නොමැති දුරකථන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිව තිබෙනවා.

එහිදී ඔවුන් විසින් ජංගම දුරකථන 19ක් හා සිම්පත් 11ක් සොයාගෙන තිබුණා.

ඊට අමතරව හෙරොයින් කුඩා ප්‍රමාණයේ පැකට් 58 (පොලිතින් සමග බර ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 384) හා හෙරොයින් බවට සැක කළහැකි පැකට් 1 (ග්‍රෑම් 106 මිලිග්‍රෑම් 350යි)ක් සොයාගෙන තිබෙනවා.

මෙම දේපොළ බන්ධනාගාර අධිකාරීවරයා සිය භාරයට ගෙන ඇති අතර, බන්ධනාගාර මූලස්ථානයේ උපදෙස් අනුව කටයුතු කිරීමට නියමිතයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ගාල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com