නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව
නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව
පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 78වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි.
ඒ අනුව බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01ක සමාවක් ප්රදානය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද අහෝසි කරනු ලබයි.




