කාන්තා ව්‍යවසායිකාවන්ට ඩො.මි 166ක වැඩසටහනක්

0
කාන්තා ව්‍යවසායිකාවන්ට ඩො.මි 166ක වැඩසටහනක්

කාන්තා ව්‍යවසායිකාවන්ට ඩො.මි 166ක වැඩසටහනක්

ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර වර්ධනය දක්වා මෙරට ගමන් කිරීම වේගවත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 166ක වැඩසටහනක් ඊයේ(25) නිවේදනය කර තිබෙනවා.

මෙම වැඩසටහන තුළින් කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකාවන් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම මෙහි අරමුණ වනවා.

ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාරවලින් 75%කට වඩා සහ රැකියාවලින් 45%ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන අතර ණය සඳහා වන ප්‍රවේශය ඔවුන්ගේ ව්‍යාප්තියට සැලකිය යුතු බාධකයක් ලෙස පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සඳහන් කර තිබුණා.

ඒ අනුව ලෝක බැංකු සමූහය සහ ප්‍රධාන ජාතික ප්‍රමුඛතා යන දෙකම සමග සමපාත වන මෙම හවුල්කාරිත්වය මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු තුනක සහභාගීත්වය යටතේ මෙරට ව්‍යාපාරවලට අභියෝග ජය ගැනීමට උපකාර කිරීම සහ රටේ දිගුකාලීන ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාවට සහාය වීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්කගත විසඳුම් ලබා දීම අරමුණ කර තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ආසියාවේ සහ පැසිෆික් කලාපයේ මූල්‍ය ආයතන සමූහයේ IFC කලාපීය කර්මාන්ත අධ්‍යක්ෂ ඇලන් ෆෝලෙමු සඳහන් කර ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වන බවත් රැකියා නිර්මාණය සඳහා ඒවායේ වර්ධනය අත්‍යවශ්‍ය වන බවත්ය.

එමෙන්ම අර්බුදකාරී කාලවලදි පෞද්ගලික ප්‍රාග්ධනය පසුබසින විට මැදිහත් වීමෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව තීරණාත්මක ප්‍රති චක්‍රීය කාර්ය භාරයක් ඉටු කරනු ලැබූ බවත් සඳහන් කර ඇති ඒ මහතා පැවසුවේ ඒ අනුව කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර, කුඩා වතු හිමියන් ගොවීන් සහ ප්‍රකෘතිමත් වීමට හේතුවන අංශ වෙත ප්‍රාග්ධනය යොමු කිරීමට මෙරට බැංකුවලට උපකාර කිරීමෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමට පමණක් නොව වැඩි ඔරොත්තු දීමේ හැකියාව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ලබා දෙන බවත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com