ආයතන 200ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝග විසිකරලා

0
ආයතන 200ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝග විසිකරලා

ආයතන 200ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝග විසිකරලා

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට පසුගිය වසර පහක කාලයේදී ලබා දී ඇති නිර්දේශ දෙසීයකට වැඩි ප්‍රමාණයක් නිසියාකාරව ක්‍රියාත්මක වී නැතැයි වාර්තාවේ.

පැමිණිලි විභාග කර දුන් නිර්දේශ හැට අටක්(2001- 2024 කාලයේදී) පසු විපරම් කිරීමේදී ඉන් ක්‍රියාත්මක කර ඇත්තේ හෝ එකඟතාව ලබා ගැනීමට හැකිව ඇත්තේ නිර්දේශ දොළහකට පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වැදගත් බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවේය.

මේ අතර 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ පවත්වන ලද විමර්ශනවලින් පසුව නිකුත් කරන ලද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවනැවතත් අවධාරණය කරයි.

කොමිසම සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සහ ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා ප්‍රධානීන්ට සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට මෙම බැඳීම මතක් කරමින් නිල නිවේදනයක්ද නිකුත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com