කටාර් හිදී මියගිය ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රු. මිලියන 197ක වන්දි

0
කටාර් හිදී මියගිය ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රු. මිලියන 197ක වන්දි

කටාර් හිදී මියගිය ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රු. මිලියන 197ක වන්දි

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට රුපියල් මිලියන 197කට අධික වන්දි මුදලක් ලබාගැනීමට දෝහාහි මියගිය ලාංකිකයන් 2025 වසරේදී සමත්වී තිබේ.

තානාපති කාර්යාලය මගින් මෙලෙස ලබාගෙන ඇති මුළු වන්දි මුදල රුපියල් 197,719,710.36ක් බව වාර්තා වේ.

ඉන් රුපියල් 23,641,182.00ක මුදලක් තානාපති කාර්යාලය හරහා සෘජුවම අදාළ පවුල් වෙත ලබා දී ඇත.

ඉතිරි රුපියල් 174,078,528.36ක මුදල මෙරට පවුලවල ඥාතීන් වෙත ලබාදීම සඳහා කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.

විශේෂයෙන්ම 2014 වසරේ සිට විසඳීමට නොහැකිව තිබූ නඩු කිහිපයකට අදාළ වන්දි මුදල්ද මෙවර ලබා ගැනීමට හැකිවූ බව සඳහන්ය.

කෙසේවෙතත් පසුගිය 2024 වසරේදීද මෙම තානාපති කාර්යාලය රුපියල් මිලියන 172කට අධික වන්දි මුදලක් ශ්‍රී ලාංකික පවුල් වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com