චීන මෙගා තානා­පති කාර්යා­ල­යට බ්‍රිතා­න්‍ය රජ­යෙන් අනු­මැ­තිය

0
චීන මෙගා තානා­පති කාර්යා­ල­යට බ්‍රිතා­න්‍ය රජ­යෙන් අනු­මැ­තිය

චීන මෙගා තානා­පති කාර්යා­ල­යට බ්‍රිතා­න්‍ය රජ­යෙන් අනු­මැ­තිය

මධ්‍යම ලන්ඩ­නයේ දැවැන්ත තානා­පති කාර්යා­ල­යක් ඉදි­කි­රිම සඳහා වන චීන සැල­සු­මට බ්‍රිතාන්‍ය රජයේ අනු­මැ­තිය ලැබී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

වසර 2018 දී එව­කට ස්ටාර්ලිං පවුම් මිලි­යන 225කට චීනය විසින් මිලදී ගනු ලැබූ වර්ග මීටර් විසි­ද­හ­ස­කින් සම­න්විත භූමි­යක එම තානා­පති කාර්යා­ලය ඉදි කිරී­මට සැල­සුම් කර ඇති අතර, එය යුරෝ­පයේ විශා­ල­තම තානා­පති කාර්යා­ලය බවට පත්වනු ඇතැයිද වාර්තා වේ. එල්ල වූ විරෝ­ධතා හේතු­වෙන් මීට පෙර බ්‍රිතා­න්‍යයේ පැවති රජ­යන් කිහි­ප­යක්ම එම සැල­සු­මට අනු­මැ­තිය ලබා­දීම කල් දැමූ අතර, අව­සා­න­යේදී ඒ සඳහා අනු­මැ­තිය ලබා­දී­මට වත්මන් අග­මැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ පාල­නය පිය­වර ගෙන තිබේ.

ආර­ම්භයේ සිටම මේ දැවැන්ත තානා­පති කාර්යා­ලය ඉදි­කි­රිමේ සැල­සුම ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන් අතර, ඔත්තු බැලීමේ මධ්‍ය­ස්ථා­න­යක් ලෙස භාවිත කිරීමේ සහ ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් එල්ල වීමේ අව­දා­න­මක් පව­තින බවට පාර්ශ්ව රැසක් බ්‍රිතාන්‍ය රජ­යට අන­තුරු අඟවා තිබූ බවද බිබීසී පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

තානා­පති කාර්යා­ලයේ ඉදි­කි­රිමේ සැල­සු­මට අනු­මැ­තිය ලබා නොදෙන ලෙස ලන්ඩන් නුවර පසු­ගිය කාලය පුරා අඛණ්ඩ විරෝ­ධතා පවත්වා ඇති අතර, පසු­ගිය සෙන­සු­රාදා දින­යේදී විරෝ­ධ­තා­ක­රු­වන් පිරි­සක් ලන්ඩන් නුවර දැවැන්ත විරෝ­ධ­තා­වක් පැවැත්වූ බව බීබීසී පුවත් සේවය සඳ­හන් කළේය. චීන­යට හිස නොන­මනු යැයි සඳ­හන් සටන් පාඨ ප්‍රද­ර්ශ­නය කර­මින් විරෝ­ධ­තා­ක­රු­වන් සිය ගණ­නක් එදින මධ්‍යම ලන්ඩ­නයේ විරෝ­ධ­තා­වට සහ­භාගි වූ බවත්, එරට ප්‍රධා­න­තම විප­ක්ෂය වන කොන්ස­ර්වේ­ටිව් පක්ෂයේ නායිකා කෙමී බඩෙ­නොව්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් විරෝ­ධ­තාව පැවැති බවත් වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com