චීනය 6G තක්ෂණික අත්හදාබැලීම්වල දෙවන අදියර අරඹයි

0
චීනය 6G තක්ෂණික අත්හදාබැලීම්වල දෙවන අදියර අරඹයි

චීනය 6G තක්ෂණික අත්හදාබැලීම්වල දෙවන අදියර අරඹයි

චීනය 6G තක්ෂණික අත්හදා බැලීම්හී දෙවන අදියර ආරම්භ කරයි. පළමු අදියරේ අත්හදාබැලීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙම දෙවන අදිරය ආරම්භ කර තිබේ.

ඉන් ප්‍රධාන 6G තාක්ෂණයන් 300 කට අධික සංඛ්‍යාවක සංචිතයක් අත්කර ගෙන ඇති බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරියෙක් ඉකුත් බ්‍රහස්පතින්දා (21) පැවසීය.

මේ වන විට චීනය ලොව විශාලතම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතිය ස්ථාපිත කර තිබේ. 5G පාදක මධ්‍යස්ථාන සංඛ්‍යාව මිලියන 4.8 ඉක්මවා ගොස් ඇති අතර එම තාක්ෂණය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාවද බිලියන 1.2 ඉක්මවා ඇතැයි චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රකාශක Xie Cun මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com