චීන ආනයනය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් තීරුබදු
චීන ආනයනය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් තීරුබදු
චීනයෙන් ආනයනය කරනු ලබන විලයනය කරනු ලැබූ ඇලුමීනියම් ඔක්සයිඩ් ද්‍රාවන සඳහා දැඩි තීරුබදු පැනවීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
එම තීරුබදු 88% සිට 110% දක්වා පරාසයකට විහිදෙනු ඇතැයිද වාර්තා වේ.
වීදුරු සහ පිඟන් නිෂ්පාදන සඳහා භාවිත කරන එම ඔක්සයිඩ් ද්‍රාවන ආරක්ෂක උපාංග සම්බන්ධයෙන්ද භාවිත කරන අතර, යුරෝපා සංගමය එම තීරුබදු පනවා ඇත්තේ පරිසර පද්ධතියට සහ වෙළෙඳපොළට හානිකර ලෙස සිදුවන බැහැර කිරීම් මැඬ පැවැත්වීමට බව යුරෝපා සංගමය නිවේදනය කර ඇතැයිද වාර්තා වේ.
යුරෝපා සංගමයේ කාර්මික ස්වාධීනත්වය ඉහළ නැංවීමද එමගින් අපේක්ෂා කරන අතර, රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ මේ තීරුබදු පැනවීමෙන් යුරෝපා සංගමයේ චීනය මත යැපීම අඩු කිරීමටද හේතුවනු ඇති බවය.
එය තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් යුරෝපා සංගමය විසින් සීමිත චීන ආනයන සඳහා තීරුබදු රහිත කෝටාවක්ද හඳුන්වා දී තිබේ.
