චීනයේ උපත් අනුපාතය වාර්තාගත ලෙස් පහතට

0
චීනයේ උපත් අනුපාතය වාර්තාගත ලෙස් පහතට

චීනයේ උපත් අනුපාතය වාර්තාගත ලෙස් පහතට

චීනයේ උපත් අනුපාතය වාර්තාගත අගයක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ළමා උපත් දිරිමත් කිරීම සඳහා රජය විවිධ පියවර ගනිමින් සිටියද, එරට ජනගහන දත්ත වාර්තා කරන්නේ දැඩි පසුබෑමකි.

2025 වසරේදී වාර්තා වී ඇත්තේ පුද්ගලයින් දහසකට උපත් 5.63ක් වැනි ඉතා අඩු අගයකි.එම වසර තුළ උපත ලබා ඇත්තේ බිළිඳුන් මිලියන 7.92ක් පමණි.වසර තුළ මිලියන 11.31 ඉක්මවූ චීන ජාතිකයින් පිරිසක් මියගොස් ඇත. උපත්වලට වඩා මරණ සංඛ්‍යාව ඉහළ යාම නිසා එරට සමස්ත ජනගහනය මිලියන 3.39කින් පහත වැටී තිබේ.

වසර 30කට අධික කාලයක් චීනය අනුගමනය කළ ‘එක් දරු ප්‍රතිපත්තිය’ (One-child policy) මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බව නිරීක්ෂණය වේ. පසුගිය දශකය පුරා සිදුවූ මෙම ජනගහන පසුබෑම වැළැක්වීම සඳහා චීන රජය මූල්‍ය ආධාර සැපයීම වැනි දිරිගැන්වීමේ ක්‍රමවේද හඳුන්වා දී ඇතත්, මෙතෙක් උපත් අනුපාතයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට නැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com