ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන 2,000ක් දක්වා ඉහළට

0
ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන 2,000ක් දක්වා ඉහළට

ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන 2,000ක් දක්වා ඉහළට

සති දෙකක කාලයක් පුරා ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 2,000ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ඉහළ මරණ සංඛ්‍යාවට හේතු වූයේ විරෝධතා මැඩපැවැත්වීම සඳහා ගත් දැඩි ක්‍රියාමාර්ග වන බව එරට බලධාරීන් පළමු වරට පිළිගෙන ඇති බවද වාර්තා වේ.

මේ වනවිට විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවල ඇතැම් රෝහල්, මියගිය හෝ තුවාල ලැබූ පිරිස්වලින් පිරි ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසයි.

ටෙහෙරාන්හි රෝහල් ආරංචිමාර්ග විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, රෝහල් වෙත රැගෙන ආ බහුතරයක් අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන තරුණයන් බවය.

ඉන් බොහෝ දෙනෙකුගේ හිසට හෝ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com