කෝලි සහ වනිඳුගෙන් වාර්තාවක්

0
කෝලි සහ වනිඳුගෙන් වාර්තාවක්

කෝලි සහ වනිඳුගෙන් වාර්තාවක්

ජාත්‍යන්තර ලකුණු 28,000 සීමාව වේගයෙන්ම පසුකළ පිතිකරුවා බවට පත්වෙමින් නව වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ඊයේ (11) සමත් වුණා.

නවසීලන්තයට එරෙහිව ඉන්දියාවේ වදෝදරාහිදී පැවති පළමු එක්දින තරගයේ දීයි කෝලි මෙම කඩඉම පසුකර ගියේ.

මෙම තරගයේදී විරාට් ලකුණු 93ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ සමග ඔහු රැස්කළ මුළු ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව 28,068ක්.

ඒ අනුව කෝලි අභිබවා ගියේ ලොව වැඩිම ජාත්‍යන්තර ලකුණු ප්‍රමාණයක් රැස්කරැගෙන සිටි සචින් තෙන්ඩුල්කාර්වයි.

කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 624වන ඉනිමේදී මෙම කඩඉම පසුකර ගිය අතර ටෙන්ඩුල්කාර් මෙම කඩඉම පසුකර ඇත්තේ 644 වන ඉනිමේදීයි.

මේ සමගින් විරාට් කෝලි ජාත්‍යන්තර ලකුණු වැඩිම ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අභිබවා යාමටද සමත්වුණා.

මේ අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ වේගයෙන්ම කඩුලු 150 සීමාව පසුකර ගිය පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමට වනිදු හසරංග (11) සමත් වුණා.

ඒ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් තරගයේදී කඩුලු 4ක් බිඳ දැමීමත් සමඟයි. මේ සඳහා ඔහුට වැය වූ ඉනිම් සංඛ්‍යාව 92ක්.

මීට පෙර ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් ඉනිම් 92කින් විස්සයි විස්ස කඩුලු 150 සීමාව පසු කරමින් එම වාර්තාව තමන් සතු කරගෙන සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස කඩුලු 150 සීමාව පසු කළ පළමු පන්දු යවන්නා ලෙසද ඔහු වාර්තා අතරට එක්වුණා.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 කඩුලු ලාභියා ලෙස වාර්තාවට හිමිකම් කීවේ කඩුලු 107ක් ලබා ගනිමින් හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගයි.

වනිඳු 2024 වසරේදී මාලිංගගේ එම වාර්තාව බිඳ දැමූවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com