ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්

0
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්

ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර 10ක රැඳවියන් තම ආහාරවේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කර ති‌බේ.

නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, මහර බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය, යාපනය බන්ධනාගාරය, මොණරාගල බන්ධනාගාරය, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය සහ මඩකලපුව බන්ධනාගාරවල රැඳවියන් මෙලෙස සිය ආහාරවේල ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් රුපියල් 450,710ක් වටිනා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇති අතර වැලිකඩ බන්ධනාගාරයෙන් රුපියල් 454,630ක් වටිනා ආහාර ද්‍රව්‍යද බෝගම්බර බන්ධනාගාරයෙන් රුපියල් 367,949ක් වටිනා ආහාර ද්‍රව්‍යද පරිත්‍යාග කර තිබුණා.

එමෙන්ම මාතර බන්ධනාගාරයෙන් රුපියල් 105,046ක ආහාර ද්‍රව්‍යද, මහර බන්ධනාගාරයෙන් 386,010 ආහාර ද්‍රව්‍යද, කුරුවිට බන්ධනාගාරයෙන් රුපියල් 195,150ක් වටිනා ආහාර ද්‍රව්‍යද මෙලෙස පරිත්‍යාග කර තිබෙනවා.

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පරිත්‍යාග කළ ආහාර ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 258,612ක් වන අතර මොණරාගල බන්ධනාගාරයෙන් රුපියල් 96,471ක, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් රුපියල් 540,679ක සහ මඩකලපුව බන්ධනාගාරයෙන් රුපියල් 209,224ක ආහාර ද්‍රව්‍ය මෙලෙස ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com