වෙනිසියුලාවේ සිටින අමෙරිකානුවන්ට වහාම පිටත්වන්නැයි දැනුම්දීමක්

0
වෙනිසියුලාවේ සිටින අමෙරිකානුවන්ට වහාම පිටත්වන්නැයි දැනුම්දීමක්

වෙනිසියුලාවේ සිටින අමෙරිකානුවන්ට වහාම පිටත්වන්නැයි දැනුම්දීමක්

වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද පුරවැසියන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වී ඇති බැවින් වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම එරටින් පිටත් විය යුතු බවය.

මේ සම්බන්ධව වෙනිසියුලාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ ආරක්ෂක තත්ත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් ඒ අනුව වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම වෙනිසියුලාවෙන් පිටත්ව යන ලෙසත්ය.

පිටත්ව යාමට පෙර එක්සත් ජනපද පුරවැසියන් පූර්වාරක්ෂාවන් ගත යුතු බවත් ඔවුන්ගේ වටපිටාව පිළිබඳව දැනුවත් විය යුතු බවත් දන්වා ඇති තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ සිටින කොලෙක්ටිවෝස් ලෙස හැඳින්වෙන සන්නද්ධ මිලිෂියා කණ්ඩායම් මාර්ග බාධක පිහිටුවා එක්සත් ජනපද පුරවැසිභාවය හෝ එක්සත් ජනපදයට සහාය දැක්වීමේ සාක්ෂි සොයමින් සිටින බව මේ වන විට වාර්තා වී ඇති බවය.

ඒ හේතුවෙන් එක්සත් ජනපද පුරවැසියන් මෙම තත්ත්වය සම්බන්ධව සුපරික්ෂාකාරීව සිටින ලෙසත් මාර්ගයන් හී ගමන් ගන්නා විට ප්‍රවේශම් වන ලෙසත් තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

එමෙන්ම සංචාරය සඳහා වෙනිසියුලාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින එක්සත් ජනපද පුරවැසියන්ට එරට සංචාරය කිරීමෙන් වළකින ලෙසත් දන්වා ඇති අතර වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් සිය පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග සන්නිවේදනය සඳහා වූ බහුවිධ ක්‍රම ස්ථාපිත කරගත යුතු බවත් එරට පිහිටි තානාපති කාර්යාලය දන්වා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com