ග්‍රීන්ලන්තයේ අයිතිය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

0
ග්‍රීන්ලන්තයේ අයිතිය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ග්‍රීන්ලන්තයේ අයිතිය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ග්‍රීන්ලන්තයේ අයිතිය තමන් සතු විය යුතු බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

රුසියානු සහ චීන බලපෑම් ආක්ටික් කලාපය වෙත ව්‍යාප්ත වීම වැළැක්වීමට ඇති එකම මාර්ගය මෙය බව ඔහු අවධාරණය කරයි.

ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් දැනට පවතින බදු ගිවිසුම් ප්‍රමාණවත් නොවන බවයි.

මිසයිල ප්‍රහාර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති පවත්වාගෙන යාමට සහ කලාපයේ නාවික කටයුතු නිරීක්ෂණය කිරීමට ග්‍රීන්ලන්තයේ පූර්ණ හිමිකාරිත්වය ඇමරිකාවට අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

රුසියානු සහ චීන නෞකා විශාල වශයෙන් මෙම කලාපයේ සැරිසරන බවට, අමරිකානු ජනාධිපතිවරයා මෙහිදී චෝදනා කළේය.

ඇමරිකානු රජයේ මෙම ස්ථාවරයට ඩෙන්මාර්කය සහ යුරෝපා රටවල් දැඩි විරෝධයක් පළ කර තිබේ.

ග්‍රීන්ලන්තය විකිණීමට නොමැති බවත්, එහි ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටින බවත් ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com