හිරු සහ දෙරණට මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගෙන් එන්තරවාසියක්
හිරු සහ දෙරණට මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගෙන් එන්තරවාසියක්
හිරු හා දෙරණ මාධ්‍ය නාලිකා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා එන්තරවාසියක් යොමු කර තිබේ.
අපහාසාත්මක ප්‍රචාරණ හේතුවෙන් සිය කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් එම මාධ්‍ය ආයතන දෙක සඳහා මෙලෙස එන්තරවාසිය යොමු කර ඇත.
ඒ අනුව, එක් මාධ්‍ය ආයතනයක් රුපියල් බිලියන 1.5 බැගින් මාධ්‍ය ආයතන දෙකෙන් රුපියල් බිලියන 03ක වන්දි ඉල්ලා ඔහු මෙම එන්තරවාසියක් යොමු කර තිබුණි.




