සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් ඩො.බි 11ක ආදායමක්

0
සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් ඩො.බි 11ක ආදායමක්

සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් ඩො.බි 11ක ආදායමක්

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් 2025 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක් ඉපැයීමට හැකි වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, විදෙස් ප්‍රේෂණ හරහා ඩොලර් බිලියන 07කට අධික ආදායමක් හා සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 3යි දශම 2ක ආදායමක් උපයා ඇති බවයි.

ඊයේ (05) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා මෙහෙදී කියා සිටියේ, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු බලපෑම සැලකිල්ලට ගනිමින් විදෙස් රටවලින්, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු පාර්ශ්ව මගින් මේ වන විට පරිත්‍යාග ලෙස රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් ලැබී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com