පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව සම්මතයි
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම සහ එහි යෝජනා හා එහි නිර්දේශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අද දින (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊට පාර්ලිමේන්තුවේ එකඟතාව හිමි විය.
අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ සඳහන්ව තිබිණි.







