ඉම්රාන්ට සහාය දුන් මාධ්‍ය­වේ­දීන් 8කට පාකි­ස්තාන අධි­ක­ර­ණ­යෙන් ජීවි­තා­න්ත සිර දඬු­වම්

0
ඉම්රාන්ට සහාය දුන් මාධ්‍ය­වේ­දීන් 8කට පාකි­ස්තාන අධි­ක­ර­ණ­යෙන් ජීවි­තා­න්ත සිර දඬු­වම්

ඉම්රාන්ට සහාය දුන් මාධ්‍ය­වේ­දීන් 8කට පාකි­ස්තාන අධි­ක­ර­ණ­යෙන් ජීවි­තා­න්ත සිර දඬු­වම්

හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ට සහාය පළ­ක­රන ආකා­රයේ අන්ත­ර්ජාල ක්‍රියා­කා­ර­ක­ම්වල නිර­ත­වී­මෙන් ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ නඩු පව­රනු ලැබූ මාධ්‍ය­වේ­දීන් අට­දෙ­න­කුට පාකි­ස්තා­නයේ අධි­ක­ර­ණ­ය­කින් ජීවි­තා­න්තය දක්වා සිර දඬු­වම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චෝදනා ලැබූ මාධ්‍ය­වේ­දීන් අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටීම සැල­කි­ල්ලට ගෙන එම තීන්දුව ලබා දී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

වසර 2023 මැයි මාසයේ 9 වැනිදා ඉම්රාන් ඛාන් අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සමඟ එම මාධ්‍ය­වේ­දීන් විසින් අන්ත­ර්ජා­ලයේ සහ සමාජ මාධ්‍ය­ජා­ලයේ පළ කරන ලද ප්‍රකාශ රට­පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වීමට හේතු වූ බවට චෝදනා එල්ල වී තිබූ බවද වාර්තා වේ.

මාධ්‍ය­වේ­දීන්ට එරෙ­හිව පාකි­ස්තාන අධි­ක­ර­ණය මඟින් ලබා දුන් තීන්දු­වෙන් එරට මාධ්‍ය නිද­හ­සට සහ ප්‍රකා­ශන අයි­තීන්ට බර­ප­තළ තර්ජ­න­යක් සිදුවී ඇතැයිද, ත්‍රස්ත විරෝධී පනත මාධ්‍ය­වේ­දීන්ට එරෙ­හිව භාවිත කිරීම එරට මාධ්‍ය අව­දා­න­මට පත් කළ සිදු­වී­මක් බවට පත්වී ඇතැයිද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com