වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම නිදහස් කරන්නැයි ඉල්ලීමක්; අමෙරිකානු ප්‍රහාරවලින් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මියයයි

0
වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම නිදහස් කරන්නැයි ඉල්ලීමක්; අමෙරිකානු ප්‍රහාරවලින් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මියයයි

වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම නිදහස් කරන්නැයි ඉල්ලීමක්; අමෙරිකානු ප්‍රහාරවලින් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මියයයි

වෙනිසියුලා ජනාධිපති Nicolas Maduro සහ ඔහුගේ ආර්යාවගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීනය පවසනවා.

වෙනිසියුලා ජනාධිපති Nicolas Maduro සහ ඔහුගේ ආර්යාව බලහත්කාරයෙන් රඳවා තබාගෙන වෙනිසියුලාවෙන් පිටත් කිරීම සඳහා ඇමරිකාවඊයේ (03) සිය හමුදා යොදවා තිබුණා.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවේ චීනය මේ සඳහා දැඩි විරෝධය පළ කරන බවයි.

ඇමරිකාවේ ක්‍රියාමාර්ග පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම උල්ලංඝනය කරන බවද චීනය පෙන්වා දෙනවා.

වෙනිසියුලානු පාලනය පෙරලා දැමීමට දරන උත්සාහයන් නවතා සංවාදයෙන් හා සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැඩිදුරටත් පැවසුවා.

අමෙරිකාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් වෙනිසියුලානු පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පුද්ගලයින් අතර වෙනිසියුලානු හමුදා සාමාජිකයින්ද වන බවය.

ප්‍රහාරයෙන් අමෙරිකාවේ කිසිදු හමුදා සාමාජිකයෙකුට හානියක් සිදුව නොමැති බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ප්‍රහාරක යානාවලට වෙනිසුවෙලාද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවය.

එක් ප්‍රහාරයක් අමෙරිකානු හෙලිකොප්ටරයකට එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළද, අමෙරිකාව මෙතෙක් එය තහවුරු කර නැහැ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com