බන්ධනාගාර ආයතන සඳහා වෑන් රථ 10ක්, ට්‍රැක්ටර් 03ක් සහ ලැප්ටොප් හා පරිගණක

0
බන්ධනාගාර ආයතන සඳහා වෑන් රථ 10ක්, ට්‍රැක්ටර් 03ක් සහ ලැප්ටොප් හා පරිගණක

බන්ධනාගාර ආයතන සඳහා වෑන් රථ 10ක්, ට්‍රැක්ටර් 03ක් සහ ලැප්ටොප් හා පරිගණක

සංවිධානාත්මක අපරාධ කල්ලි කවුරුන් ආරම්භ කළද එය අවසන් කරන්නේ වත්මන් රජය බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිකුරාදා (02) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවයට සහභාගී වෙමින්.

බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස රස පරීක්ෂක වාර්තා මාස තුනක් තුළ ලබාදීමට හැකි වැඩපිළිවෙළක් සහ ප්‍රජා විශෝධනයට යොමු කිරීම වැඩි කිරීම සදහා ප්‍රජා විශෝධන නව පනතක් ඉදිරියේදී ගෙන එන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

එසේම බන්ධනාගාර නිලධාරීන්ගේ ගැටලු වත්මන් රජය අවබෝධ කර ගෙන තිබෙන බවත්,ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජය පෙනී සිටින බැවින් කැපවීමෙන් රාජකාරි කටයුතු සිදු කරන ලෙසත් අමාත්‍යවරයා එම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේ.

රජය, බන්ධනාගාර ආයතන සඳහා රුපියල් මිලියන 913.60ක් වටිනා වෑන් රථ 10ක්, ට්‍රැක්ටර් 03ක් සහ රුපියල් මිලියන 104.30 ක් වටිනා ලැප්ටොප් හා පරිගණක වෙන්කර ඇති අතර එම භාණ්ඩ සංකේතාත්මකව බෙදා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවයේදී සිදු කර තිබෙනවා.

තවද බස් රථ 40ක්, ගලි බවුසර් 5ක් ඉදිරියේදී ලබාදීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com