නීති විරෝධීව රත්‍රන් තොගයක් රැගෙන ආ ගුවන් සේවිකාවක් අත්අඩංගුවට

0
නීති විරෝධීව රත්‍රන් තොගයක් රැගෙන ආ ගුවන් සේවිකාවක් අත්අඩංගුවට

නීති විරෝධීව රත්‍රන් තොගයක් රැගෙන ආ ගුවන් සේවිකාවක් අත්අඩංගුවට

රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක අද (04) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය 27 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණ ගුවන් සේවිකාවක්.

අද (04) දින අලුයම 12.00 ට ඇය සේවය කළ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ 1kg යි 163g ක් බරැති මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සඟවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගුවන් යානා කාර්යය මණ්ඩල සඳහා පිටතට පැමිණීමේ දොරටුවෙන් පිට වී යාමට තැත් කරමින් සිටියදී සිය භාරයට ගත් බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සඳහන් කළේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් සේවිකාව අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com