අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්

0
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්; අග්‍රමාත්‍යතුමිය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ රජය සම්පූර්ණයෙන් බැහැර කරයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්; අග්‍රමාත්‍යතුමිය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ රජය සම්පූර්ණයෙන් බැහැර කරයි

වඩාත් ශක්තිමත් සහ නූතන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බිහි කිරීම රජයේ මූලික අරමුණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා ඇතැම් පිරිස් අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රකාශ රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණයක් වන අතර මෙවැනි ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මෑත ඉතිහාසයේ සිදු වී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අධ්‍යාපන විශේෂඥයින්ගේ මතය අනුව වසර 08කට වරක්වත් මෙවැනි ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු වුවද මෙරට අධ්‍යාපන පද්ධතියේ එවැනි ක්‍රියාවලියක් පසුගිය කාලය තුළ සිදු වී නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියා.

මෙම ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට පෙර සියලු පාර්ශව දැනුවත් කර ඇති අතර, පක්ෂ සහ විපක්ෂ නියෝජිතයින් බොහෝ දෙනාගේ මතය වූයේ හැකි ඉක්මනින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව බවද ඔහු සඳහන් කළා.

තර්කානුකූල, බුද්ධිමත් සහ නූතන සමාජයට ගැලපෙන දරු පරපුරක් බිහි කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වන අතර, ඒ සඳහා රජය සම්පූර්ණයෙන්ම බැඳී සිටින බවද දෙමව්පියන් ඒ් සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com