කොරියානු එක්සිම් බැංකුවෙන් අ.ඩො 50,000ක මානුෂීය ආධාර

0
කොරියානු එක්සිම් බැංකුවෙන් අ.ඩො 50,000ක මානුෂීය ආධාර

කොරියානු එක්සිම් බැංකුවෙන් අ.ඩො 50,000ක මානුෂීය ආධාර

දිට්වා සුළි කුණාටුවෙන් පසු කොරියානු අපනයන-ආනයන බැංකුව කොරියානු රතු කුරුස සංවිධානය හරහා මෙරටට අමෙරිකානු ඩොලර් 50,000ක මානුෂීය ආධාර ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම මානුෂීය ආධාර ලබා දී ඇත.

සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ක්ෂණික සහන ලබා දීම සහ ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා සහාය වීම අරමුණු කර ගෙන මෙම මානුෂීය ආධාර ලබා දී ඇති බව සඳහන් වේ.

කොරියානු අපනයන-ආනයන බැංකුවේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී කියොන් හ්වාන්ග් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය ශෝකය පළ කරමින් අවධාරණය කළේ, ශ්‍රී ලංකා රජය සමඟ ඇති දිගුකාලීන හවුල්කාරිත්වය එක්සිම් බැංකුව බෙහෙවින් අගය කරන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් සිටින බවත්, අත්‍යවශ්‍ය පොදු පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ දැනට තාවකාලික නවාතැන්වල සිටින බලපෑමට ලක් වූ පවුල්වලට සහන සැලසීමට මෙම ආධාර ලබා දීම පිළිබඳ සතුටට පත්වන බවත් ඔහු තවදුරටත් පවසා තිබේ.

කොරියානු අපනයන-ආනයන බැංකුවේ මෙම දායකත්වයත් සමඟ, කොරියානු ජනරජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සමස්ත මානුෂීය ආධාර ප්‍රමාණය අම‍ෙරිකානු ඩොලර් 550,000ක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com