ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අලුත් අධ්යක්ෂ ජනරාල්වරයෙක්
දැනට පුරප්පාඩුව පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට සුදුසු අයෙකු බඳවා ගැනීම පිණිස අයදුම්පත් කැඳවා ඇති අතර, අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම්කරුවන් 06දෙනෙකු සහභාගි වී තිබේ.
ඒ අතරින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එස්.අච්චුදන් මහතා 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකී තනතුරට පත් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.




