චීනයට පනින්න ගිය සැකකරු ලක්ෂ 323ක මැණික් සමග අත්අඩංගුවට
චීනයට පනින්න ගිය සැකකරු ලක්ෂ 323ක මැණික් සමග අත්අඩංගුවට
මැණික් තොගයක් සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී 10.20ට චීනයේ චෙන්ඩු නුවර බලා ගුවන් යානයෙන් පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි රේගුව සඳහන් කරන්නේ.
මෙහිදී රේගු නිලධාරීන්ට මෙම පුද්ගලයන් දෙදෙනා පිළිබඳව සැක පහළ වී ඇති බවත්, පසුව සිදු කළ පරීක්ෂා කිරීම්වලදී ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන සිටි මැණික් තොගය සොයාගෙන ඇති බවත් සඳහන්.
එහි කැරට් 756ක් බරැති මැණික් කැට 390ක් තිබී ඇති බව වාර්තා වන අතර, එම මැණික් තොගයෙහි වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් පමණ වන බවයි පැවසෙන්නේ.
සැකකරුවන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස්වල පසුවන ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බව වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.




