ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් වෙනි­සි­යු­ලා­වට සම්බා­ධක

0
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් වෙනි­සි­යු­ලා­වට සම්බා­ධක

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් වෙනි­සි­යු­ලා­වට සම්බා­ධක

අමෙ­රි­කානු ජනා­ධී­පති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනි­සි­යු­ලා­වට ඇතු­ළු­වන සහ ඉන් පිට­වන සියලු තෙල් නෞකා සම්පූ­ර්ණ­යෙන්ම අව­හිර කිරීම සඳහා සම්බා­ධක පැන­වී­මට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනි­සි­යු­ලාවේ නායක නිකො­ලස් මදු­රෝගේ රජය විදේ­ශීය ත්‍රස්ත සංවි­ධා­න­යක් ලෙස නම් කළ බව ටෘත් සමාජ මාධ්‍ය ජාලා ගිණු­මෙහි සට­හ­නක් තබ­මින් අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර ඇති අතර, මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවා­රමේ නිර­ත­වන බවට චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බා­ධක පනවා ඇත්තේ අමෙ­රි­කානු හමු­දාව වෙනි­සි­යු­ලානු මුහුදු තීර­යේදී තෙල් නෞකා­වක් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් සති­ය­කට පසුව වන අතර, දකුණු අමෙ­රි­කානු ඉති­හා­සයේ පළ­මු­ව­රට අමෙ­රි­කා­වට අයත් අති­වි­ශාල සන්නද්ධ හමු­දා­වක් එම කලා­පයේ ස්ථාන­ගත කළ බවද ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com