Disney සහ ChatGPT අතර ඩොලර් බිලියනයක ගනුදෙනුවක්..

0

සුප්‍රකට ඩිස්නි සමාගම අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් OPEN AI සමාගමේ ආයෝජනය කිරීමට සූදානම් වේ.

OPEN AI යනු මේ වන විට ලෝකයේ ජනප්‍රියම “කෘතීම බුද්ධි චැට් බොට්” CHAT BOT වන CHAT GPT මව් සමාගම වේ.
Discover more
ශ්‍රී ලංකාව
ශ්‍රි ලංකා
Sri Lanka
ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා
ශ්‍රී ලංකාවේ

නව ගනුදෙනුවට අනුව ඩිස්නි සමාගමට අයත් මිකී සහ මිනී මවුස්, මාවල් සුපර් හීරෝ චිත්‍රපට, ස්ටාර් වෝස්, මොආනා ඇතුළු චරිත 200ක පමණ පින්තූර සහ වීඩියෝ ජනනය කරගැනීමට චැට් ජී.පී.ටී (CHAT GPT) පරිශීලිකයින්ට අවස්ථාව උදා වෙයි.

මේ වන විටත් කිසිඳු අවසරයකින් තොරව කෘතීම බුද්ධිය හරහා ජනප්‍රිය චරිත වල වීඩියෝ සහ පින්තූර ජනනය කරගැනීම සිදු වේ.

ඩිස්නි සමාගම විසින් ඔවුන්ගේ චරිත වල අයිතිය සහ පාලනය යළි තමන් සතු කර ගැනීමට ඕපන් ඒ.අයි (OPEN AI) සමාගම සමඟ ගිවිසුම් ගත වන බව විදෙස් වාර්තා සඳහන් කරනු ලැබුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com