නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 15,000ක්! – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

0

නායයෑමේ අවදානම සහිත ප්‍රදේශවල ජීවත්වන පවුල් 15,000ක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙනු ලබයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා ලද ඉල්ලීම මත එම ස්ථානවල පවතින අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් අදාළ පවුලක් දැනුවත් කර ඇති බව එහි නායයෑම් අධ්‍යන අංශයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ ය.

කඩුගන්නාව ප්‍රදේශයේ පසුගියදා නායයෑමට ලක්වූ ස්ථානය මධ්‍ය අවදානම් බවට 2019 වසරේ වාර්තාවක් ලබාදී ඇතැයිද ඔහු ප්‍රකාශ කරන ලදි.

මේ අතර මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට තවදුරටත් ඉවත් වීමේ රතු නිවේදන ක්‍රියාත්මක බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි.

මහනුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර, පාත දුම්බර, ගඟ ඉහළ කෝරලේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට රතු නිවේදන ක්‍රියාත්මකය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ඊට අමතරව, බදුල්ල, ගම්පහ, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com