ජලාශ 71ක් වාන් දමයි

0
ජලාශ 71ක් වාන් දමයි

ජලාශ 71ක් වාන් දමයි

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 36ක් ඇතුළුව ජලාශ 71ක් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තුවට අයත් සියලුම ජලාශවල සමස්ත ජල ධාරිතාවයෙන් 80%ක් පමණ මේ වන විට ගබඩා වී ඇති බවයි.

මේ අතර, මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අද(
06) පස්වරුවේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කලේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com