විදෙස්ගත ලාංකිකයන්ගෙන් 30,470කට අධික තැන්පතු

0

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවය.

එමෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔහු පැවසීය.

රටවල් 33කින් අදාළ ගිණුම්වලට මෙම මුදල් ලැබී තිබේ.

ඒ අනුව ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 700කට ආසන්න බව ලැබී ඇති බව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව දැන්වූ බව සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය අඟහරුවාදා දින (02) වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com