මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් ආධාර තොගයක් රැගත් පළමු ගුවන් යානය අද (02) අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළට

0

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් ආධාර තොගයක් රැගත් පළමු ගුවන් යානය අද (02) අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ පැමිණියා.
විපතට පත් වී සිටින ජනතාව සඳහා තාවකාලික නිවාස 48 ක් , දින 14 කට එක් පවුලක් සඳහා අවශ්‍ය ආහාර ඇසුරුම් 2,592 ක් , කූඩාරම් , ගලවා ගැනීමේ භට කණ්ඩායම් සඳහා යොදා ගන්නා වාහන , දුෂ්කර මාර්ගවල ධාවනය කළ හැකි යතුරු පැදි ආදී භාණ්ඩ විශාල තොගයක් ඇතුළත්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන සී.-17 වර්ගයේ ගුවන් යානයක් අබුඩාබි නුවර සිට මෙම භාණ්ඩ තොගය රැගෙන පැමිණ තිබුණා.

තවත් මෙවැනිම ගුවන් යානා 03 ඉදිරි දින කීපය තුළදී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.

මෙම ගුවන් යානය පැමිණි අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය තානාපති රෂීඩ් අල් මසුරෝහි , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමිත් රඹුක්වැල්ල , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

උපුටාගැනුනකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com