ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 22ක් ඝාතනයට

0
ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 22ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 22ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් විසිදෙදෙනෙකු මිය ගොස් ඇති බව හමාස් සංවිධානයේ වෛද්‍ය සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරනවා.

ඔවුන් පවසන්නේ නේවාසික නිවාස ඇතුලු ස්ථාන 5ක් ඊශ්‍රායල් ප්‍රහාරවලට ලක්වී ඇති බවයි.

මිය ගිය පිරිස අතර හමාස් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ද සිටින බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ ඊශ්‍රායල පාලනය යටතේ පවතින ප්‍රදේශයකට පැමිණ සිය සොල්දාදුවන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com