හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නෑ

0
හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නෑ

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නෑ

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී බ්‍රහස්පතින්දා (20) පැවසීය.

හිස්බුල්ලා මන්ත්‍රීවරයා මීට වසර 33කට පෙර පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ලෙස මෙම කාරණාව ඉදිරිපත් කර ඇති බවත් නිල ඇඳුම වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධ අදහස් හා යෝජනා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිල ඇඳුම් කමිටුවට ඉදිරිපත් කළ යුතු බවත් ඇමැතිවරයා පැවසුවේය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේය.

ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය,

“1992 අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබෙන යෝජනාවට අනුමැතිය ලද බව ප්‍රකාශ කර ඇතත් හෙද නිලධාරීන්ගේ නිල ඇඳුමට අදාළව එවැනි අනුමැතියක් ලද ලියවිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙතෙක් නිකුත් කර නැහැ.

මේ යෝජනාව ඉදිරිපත් කරලා අවුරුදු 33ක් වෙනවා. මේ කාලය තුළ ආණ්ඩු කිහිපයක් පත් වුණා. විපක්ෂ නායකවරයාත් කාලෙක සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා විදිහට හිටියා. ඒ වගේම සෞඛ්‍ය ඇමැතිවරුන් ගණනාවක් හිටියා. රජයේ සෞඛ්‍ය සේවාවේ තනතුරුවලට අදාළ නිල ඇඳුම් පිළිබඳව තීරණය කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන නිල ඇඳුම් කමිටුව මඟිනුයි.

පෞද්ගලික අංශයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙම කමිටුවට අදාළ කරුණක් නෙවෙයි. හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ.

යම්කිසිවකුට එසේ නිල ඇඳුම වෙනස් කළ යුතු බවට අදහසක් පවතින්නේ නම්, නිල ඇඳුම් කමිටුවට ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. නිල ඇඳුම් කමිටුව වෘත්තියක තිබෙන ගරුත්වය, නිල ඇඳුමේ තිබෙන වැදගත්කම සහ ප්‍රායෝගික තත්ත්වය සලකා බලා තීන්දුවක් ගැනීමට පුළුවන්. හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී නැහැ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com