අරුවක්කාලු පරිසරයට හානි කළ විධායක අධ්‍යක්ෂකවරයා රිමාන්ඩ්

0
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අරුවක්කාලු පුරාවිද්‍යා භූමිය තුළ පරිසර හානියක් සිදුකිරීමේ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගැණුනා.

ඉකුත් අඟහරුවාදා (11) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

සැකකාර විධායක අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය විසින්.
ඒ, පැය 12කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුවයි.

වනාතවිල්ලුව ප්‍රදේශයේ ජනතාව විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද පෙත්සමක් පදනම් කරගනිමින්, වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com