ඓතිහාසික තීරණයක්! කාන්තා දුම්රිය රියදුරන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

0
ඓතිහාසික තීරණයක්! කාන්තා දුම්රිය රියදුරන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

ඓතිහාසික තීරණයක්! කාන්තා දුම්රිය රියදුරන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

වසර 165 ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු වලට පැවරී ඇති කාර්යයන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස ක්‍රියාත්මක වන සේවාවකි.

එම දෙපාර්තමේන්තුව යටතේ වන දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු දුම්රිය සේවය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වේ. දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරින් පමණක් බඳවා ගනු ලැබ ඇති අතර, අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසර වල පමණක් කාන්තා නිලධාරින් බඳවාගනු ලැබ ඇත.

රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට කටයුතු කරමින් පවතී.

ඒ අනුව, වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට අනුමත බඳවා ගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරින් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු වලට කාන්තා නිලධාරින් බඳවා ගැනීම පිණිස ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට තීරණය කර ඇත.

1858 දී දුම්රිය දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු, කිසිදු කාන්තාවක් දුම්රිය ස්ථානාධිපති තනතුර දරා නොමැති අතර රියදුරන් සහ ආරක්ෂකයින් වැනි අදාළ තනතුරු වලදී මෙම භූමිකාව ද සාම්ප්‍රදායිකව පුරුෂ ආධිපත්‍යයට නතු වී තිබීම දැකිය හැකිය. එසේ තිබියදී කනාතාවන් සඳහා එම තනතුරු සඳහා ප්‍රවේශය සකස් කිරීම සැබවින්ම ඓතිහාසික තීන්දුවකි.

මක් නිසාද යත් රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් වලදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නිරන්තර ඉල්ලීම් තිබියදීත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසන් වරට බඳවා ගැනීම් සඳහා නිකුත් කළ නිවේදනය මගින් දශක ගණනාවක් තිස්සේ පැවති මෙම භූමිකාවෙන් කාන්තාවන් තහනම් කිරීමේ භාවිතය යළි තහවුරු කර තිබුණි.‍

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com