ප්‍රසංගයක් නැරඹීමට පැමිණි තරුණ තරුණියන් 31ක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

0
ප්‍රසංගයක් නැරඹීමට පැමිණි තරුණ තරුණියන් 31ක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

ප්‍රසංගයක් නැරඹීමට පැමිණි තරුණ තරුණියන් 31ක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි තරුණ තරුණියන් 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

නොවැම්බර් පළමු වනදා (01) රාත්‍රීයේ කිඹුලාවල කමත නම් ස්ථානයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ සිටි තරුණ තරුණයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

ප්‍රසංගය නැරඹීම සඳහා 500කට අධික පිරිසක් සහභාගී වී සිට ඇති බවද වාර්තා වේ.

මිරිහාන කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සහ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 31 දෙනා සතුව තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරුවන් ඊයේ (02) නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com