ජාතික ලොතරැයි මණ්ඩලය මාස 10ක් තුළ 2025 ආදායම් ඉලක්කය රු.බි 40 ඉක්මවයි

0
ජාතික ලොතරැයි මණ්ඩලය මාස 10ක් තුළ 2025 ආදායම් ඉලක්කය රු.බි 40 ඉක්මවයි

ජාතික ලොතරැයි මණ්ඩලය මාස 10ක් තුළ 2025 ආදායම් ඉලක්කය රු.බි 40 ඉක්මවයි

ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) 2025 වසර සඳහා රුපියල් බිලියන 40 ක ආරම්භක ආදායම් ඉලක්කය මාස 10ක් තුළ සපුරා ගෙන ඇත. ඊට සාපේක්ෂව, 2024 වසරේ දී මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 37.8කි.

ලොතරැයි ටිකට්පත් මිලදී ගැනීමෙන් දායක වූ සැමට ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රණාමය පුද කර සිටින අතර, 2025 වසරේ මුල් මාස 10 තුළ ආදායම සහ 2025 ඉලක්කයන්ද ඉක්මවා යාමට සමත්ව ඇත.

ජාතික ලොතරැයි මණ්ඩල ටිකට්පත් අලෙවි කරන අලෙවි ජාලයේ සාමාජිකයින්ගේ මෙන්ම මණ්ඩලයේ නිලධාරීන්ගේ උත්සාහය මෙම ජයග්‍රහණයට සෘජුවම දායක වී ඇති අතර, මණ්ඩලය ඔවුන්ටද සිය සුබ පැතුම් පිරිනමයි.

මෙම සාර්ථකත්වය සැමරීමේදී, ලොතරැයි දිනුම් සහ ලොතරැයි ආදායමෙන් අරමුදල් සපයන සංවර්ධන වැඩසටහන් පිළිබඳව නිරන්තරයෙන් මහජනතාව දැනුවත් කිරීමෙන් නොසැලෙන සහයෝගය ලබා දුන් සියලුම මාධ්‍ය ආයතනවලටද ජාතික ලොතරැයි මණ්ඩලය සිය කෘතඥතාව පළ කළේය. වරින් වර ලොතරැයි ටිකට්පත් නිෂ්පාදනය කරන මුද්‍රණ ආයතනවල දායකත්වයද මණ්ඩලය විසින් අගය කරන ලදී.

තවද, ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභීන් විශාල සංඛ්‍යාවක් බිහි කර ඇති අතර 2024ට සාපේක්ෂව වසරේ මුල් මාස 10 තුළ රජයට ඔවුන්ගේ දායකත්වය වැඩි කර ඇතැයිද නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩල යේ සභාපති එම්. සී. ඒ. පෙරේරා මහතා සදහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com