අ.ඩො බිලි­ය­න­යක විය­ද­මින් ලොව විශා­ල­තම පුරා­විද්‍යා කෞතු­කා­ගා­රය ඊජි­ප්තු­වේදී විවෘත වේ…

0
අ.ඩො බිලි­ය­න­යක විය­ද­මින් ලොව විශා­ල­තම පුරා­විද්‍යා කෞතු­කා­ගා­රය ඊජි­ප්තු­වේදී විවෘත කරයි

අ.ඩො බිලි­ය­න­යක විය­ද­මින් ලොව විශා­ල­තම පුරා­විද්‍යා කෞතු­කා­ගා­රය ඊජි­ප්තු­වේදී විවෘත කරයි

තනි ශිෂ්ටා­චා­ර­යක් සඳහා වෙන් වූ ලොව විශා­ල­තම පුරා­විද්‍යා කෞතු­කා­ගා­රය ලෙස සැල­කෙන ඊජි­ප්තුවේ කයිරෝ නුව­රට යාබ­දව පිහිටි ‘ග්‍රෑන්ඩ් ඊජි­ප්ෂන්’ කෞතු­කා­ගා­රය මහ­ජ­න­තා­වට සම්පූ­ර්ණ­යෙන්ම විවෘත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙ­රි­කානු ඩොලර් බිලි­ය­න­යක විය­ද­මින් දශක දෙකක දීර්ඝ කාල­ප­රි­ච්ඡේ­ද­යක් පුරා ඉදි­කි­රීම් කට­යුතු සිදු කළ මේ මහා කෞතු­කා­ගා­රය මිනිසා විසින් තනනු ලැබූ ලොව විශා­ල­තම ගිසාහි පිර­මී­ඩ­යට සැත­පු­මක් පමණ දුරින් පිහිටා ඇති අතර, එහි වප­ස­රිය වර්ග කිලෝ­මී­ටර් 4,70,000ක් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ඊජි­ප්තුවේ ජනා­ධි­පති අබ්දෙල් ෆටා අල් සිසීගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති විවෘත කිරීමේ උත්ස­ව­යට මැද­පෙ­ර­දිග රට­වල රාජ්‍ය නාය­ක­යන්, රජ­ව­රුන් ඇතුළු දෙස් විදෙස් අමු­ත්තන් විශාල පිරි­සක් සහ­භාගි වූ බවද වාර්තා වේ.

1992 දී නිවේ­ද­නය කරනු ලැබූ ග්‍රෑන්ඩ් ඊජි­ප්ෂන් කෞතු­කා­ගා­රයේ ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ කර ඇත්තේ 2005 වස­රේදී බවත්, එහි ඇතැම් ගොඩ­නැ­ඟිලි සංකීර්ණ පම­ණක් පසු­ගිය වස­රේදී විවෘත කරනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. එරට පෞර­ාණික ශිෂ්ටා­චා­රය විදහා දක්ව­මින් වසර 3,200ක් පැරැණි දෙවැනි රාම්සෙස් පාරාවෝ රජුගේ ටොන් 83ක් බරැති යෝධ ප්‍රති­මා­වක් ද, වසර 4,500ක් පැරැණි කුෆු රජ වංශ­යට අයත් බෝට්ටු­වක්ද ඇතු­ළත් ග්‍රෑන්ඩ් ඊජි­ප්ෂන් කෞතු­කා­ගා­රයේ විවිධ පෞරා­ණික භාණ්ඩ පන­ස්ද­හ­සක් පමණ තැන්පත් කර ඇතැයි වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com