අමෙ­රි­කානු යානා 2ක් දකුණු චීන මුහු­දට කඩා වැටේ

0
අමෙ­රි­කානු යානා 2ක් දකුණු චීන මුහු­දට කඩා වැටෙයි

අමෙ­රි­කානු යානා 2ක් දකුණු චීන මුහු­දට කඩා වැටෙයි

ආසි­යානු පැසි­ෆික් කලා­පයේ පිහිටා ඇති අමෙ­රි­කානු නාවික හමුදා කඳ­වු­රට අයත් ප්‍රහා­රක ගුවන් යාන­යක් සහ හෙලි­කො­ප්ට­ර­යක් දකුණු චීන මුහු­දේදී අන­තු­රට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආසි­යානු සංචා­රය ඉලක්ක කර­මින් නිරී­ක්ෂණ කට­යුතු සිදු කළ එම යානා ද්විත්ව­යම දකුණු චීන මුහු­දට කඩා වැටී ඇත්තේ මිනිත්තු 30ක් ඇතු­ළත කාල­ය­කදී බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

මේ අන­තුර සම්බ­න්ධව අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේද අව­ධා­නය යොමුවී ඇති අතර, මැලේ­සි­යාවේ සිට ජපා­නය බලා පියා­සර කර­මින් සිටි­යදී සිය නිල ගුවන් යානයේ සිට වාර්තා­ක­රු­වන් අමතා ප්‍රකාශ කර ඇත්තේ එය අසා­මාන්‍ය සිදු­වී­මක් බවය. ඉන්ධන හෝ තාක්ෂණික ගැට­ලු­වක් අන­තු­රට හේතුවන්නට ඇතැයිද ජනා­ධි­ප­ති­ව­රයා විශ්වා­සය පළ කළ බව වාර්තා වේ. අන­තු­රට ලක්වූ යානා ද්විත්ව­යේම කාර්ය මණ්ඩ­ලය නිරු­ප­ද්‍රි­තව මුදා ගැනී­මට ආසි­යානු පැසි­ෆික් කලා­පයේ අමෙ­රි­කානු නාවික හමුදා කඳ­වුරේ නිල­ධා­රින් සමත්වූ බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com