අධි අනාරක්ෂිතව සිටින දරුවන් 17000ක්

0
අධි අනාරක්ෂිතව සිටින දරුවන් 17000ක්

අධි අනාරක්ෂිතව සිටින දරුවන් 17000ක්

අධි අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන් 17,000 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සියලු මට්ටම්වල දරුවන් රජය විසින් අධීක්ෂණය කරමින් සිටින අතර කිසිදු දරුවෙකු අත් නොහැර සෑම දරුවෙකුගේම සමාජ සුරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට රජය පියවර ගන්නා බවය.

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වයඹ පළාත් වැඩසටහනට එක්වෙමින් වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදි ඊයේ (26) දින මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කළේය.

රටේ අනාගත පරපුර සඳහා ජීවත් වීමට සුදුසු රටක් නිර්මාණය කරදීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය කැපවී සිටින බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com