ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
ගලෙන් බිඳුණු වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව කොමිෂන් සභාවට අවශ්‍ය සහාය ලබා නොදීමේ චෝදනාව මත සිකුරාදා දින (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව කොමිෂන් සභාවට අවශ්‍ය සහාය ලබා නොදීමේ චෝදනාව මත, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ වගන්ති 126 සහ 127 (1) (උ) ප්‍රකාරව කොමිෂන් සභාවේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම නොසලකා හැරීම හෝ නොකර හැරීම සහ කොමිෂන් සභාව විසින් විමර්ශන සම්බන්ධව නීත්‍යනුකූලව දෙන විධානයන්ට අනුව සඳහන් කරනු ලබන වේලාවේ දී සහ ස්ථානයේ දී කොමිනේ සභාව ඉදිරියෙහි පෙනී සිටීම සාධාරණ හේතුවකින් තොරව පැහැර හැරීමට අදාළව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
ගලෙන් බිඳුණු වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විජේවර්ධන මුදියන්සේලාගේ සමන්ත නාමල් විජේවර්ධන නම් මෙම පුද්ගලයා 2025.10.24 වන දින පෙ.ව. 11.40ට පමණ ඇල්ලවැව, ගලෙන් බිඳුණු වැව යන ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසා තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025 ඔක්තෝබර් 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.




