කෙහෙල්බද්දර පද්මේ ගැන නියෝගයක්

0
කෙහෙල්බද්දර පද්මේ ගැන නියෝගයක්

කෙහෙල්බද්දර පද්මේ ගැන නියෝගයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට දී ඇති ප්‍රතිඥාව, දෙසැම්බර් 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (23) නියම කළේය.

ඒ, තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මේ වනවිට රැඳවුම් භාරයෙන් පසුවන කෙහෙල්බද්දර පද්මේගේ මව ඉදිරිපත් කර තිබෙන රීට් පෙත්සම ඊයේ (23) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

අදාළ ප්‍රතිඥාව දීර්ඝ කළේ, පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතාගේ ඉල්ලීමට අනුව, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතාගේ එකඟතාවයෙන්ය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම ඊයේ දින (23) කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 02 වැනිදා කැඳවන ලෙසයි.

රැඳවුම් භාරයේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කර, ඔහු මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථානවලට රැගෙන යාම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා
කෙහෙල්බද්දර පද්මේගේ මව පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com