ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 11ක්; මරණ 22ක්

0
ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 11ක්; මරණ 22ක්

ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 11ක්; මරණ 22ක්

2025 වසරේ ජනවාරි මස සිට පසුගිය සඳුදා (20) දිනය දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 40,633ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ, ප්‍රජාව වෛද්‍ය විශේෂඥ ප්‍රෂීලා සමරවීර මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරිය පැවසුවේ වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

ඒ අතර වැඩි අවදානමක් පවතින දිස්ත්‍රික්ක වන්නේ, අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ලයි.

ඒ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ, රත්නපුර දිස්ත්‍රක්කයෙනි. ඒ මරණ 22කි.

වැඩි වශයෙන් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙන්නේ, පාසැල් පද්ධතිය, රජයේ ආයතන, ආගමික ස්ථාන සහ අතහැර දමා ඇති ඉඩම් සහ ගොඩනැගිලිය.

වෛද්‍යවරිය මහජනතාව දැනුවත් කර තිබෙන්නේ හැකි පමණින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සහ වටපිටාව පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන ලෙසටයි.

එමෙන්ම දින දෙකකට අධික කාලයක් උණ පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු උපදෙස් මත අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද ඇය වැඩිදුරටත් මහජනතාවට අවධාරණය කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com