විමල්ගේ පෙත්සම් 2ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි

0
විමල්ගේ පෙත්සම් 2ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

විමල්ගේ පෙත්සම් 2ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරිමේ ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව දෙකක් මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබුණා.

එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම පෙත්සම් ඊයේ (17) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විරෝධතා මතු කළා.

එම මූලික විරෝධතා පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com