කෝපායි පොලීසිය තාවකාලිව ඉවත් කෙරේ

0
කෝපායි පොලීසිය තාවකාලිව ඉවත් කරයි

කෝපායි පොලීසිය තාවකාලිව ඉවත් කරයි

යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව කෝපායි පොලීසිය තාවකාලිව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 8 දෙනෙකුට අයත් නිවාස 8ක පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවාසවලින් 7ක් නැවත එම පුද්ගලයන්ට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ,ඊයේ (15) දිනයේදී පිස්කල්වරයා විසින් එම නිවාස හිමිකරුවන්ට ලබාදි ඇති බවයි.

ඒ අනුව තාවකාලිකව යාපනය පොලීසය අදාළ ප්‍රදේශයේ පැමිණිලි බාරගනු ලබනවා.

මේවනවිට ආරක්ෂක හේතුන්මත කෝපායි පොලිසියේ අවි ගබඩාවද යාපනය පොලීසියට රැගෙන ගොස් තිබෙනවා.

තවත් මාස දෙකකින් පමණ කෝපායි පොලීසිය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com