ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනකුට

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනකුට
මේ වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ආර්ථික විද්‍යාඥයන් තිදෙනකුට පිරිනැමෙන බව ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය පසුගිය සඳුදා දින (13) නිවේදනය කළේය.
ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණය වෙනුවෙන් පිදෙන ස්වීඩනයේ මහබැංකු ත්‍යාගය ලෙස හඳුන්වනු ලබන ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය සඳහා අමෙරිකානු -ඊශ්‍රායල ජාතිකයකු වන ජොයෙල් මොකීර්, ප්‍රංශ ජාතික පිලිප් ඇගියොන් සහ කැනේඩියානු ජාතික පීටර් හොවිට් තෝරාගත් බව එම නිවේදනයේ සඳහන් වේ.
නවෝත්පාදනය මත පදනම් වූ ආර්ථික වර්ධනය සම්බන්ධව සිදු කළ පැහැදිලි කිරීම වෙනුවෙන් එම ත්‍යාගයෙන් අඩක් ජොයෙල් මොකීර්ට හිමිවන බවත්, ඔහු නව තාක්ෂණය භාවිත කරමින් තිරසර ආර්ථික වර්ධනයක් මෙහෙයවිය හැකි ආකාරය පෙන්වා දී ඇති බවත් ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මානව වර්ගයා විසින් නිර්මාණය කරනු ලබන ව්‍යසන තුළින් තිරසර වර්ධනයක් කරා යෑමේ න්‍යායාත්මක භාවිතයක් හඳුන්වා දීම උදෙසා එම ත්‍යාගයේ ඉතිරි කොටස පිලිප් අගියොන් සහ පීටර් හොවිට් අතර සමසේ බෙදී යන බව එහි සඳහන් වේ.