ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ආනන්ද සාගරට විදෙස් ගමන් තහනමක්

0
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ආනන්ද සාගරට විදෙස් ගමන් තහනමක්

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ආනන්ද සාගරට විදෙස් ගමන් තහනමක්

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ආනන්ද සාගර මහතාට විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා (10) දින නිකුත් කර තිබෙනවා.

මෙම තහනම නිකුත් කර තිබෙන්නේ, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු කන්ටේනර් 315ක් පාකිස්ථානයෙන් ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහක (121,864,655.00) වංචාවක් සිදු කලේ යැයි පවසමින් කොළඹ අපරාධ කොට්ඨාසය ගොනුකළ ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීය.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ගොනු කරමින් සඳහන් කර තිබුණේ හිටපු සභාපතිවරයා විමර්ශන සම්බන්ධයෙන් සහයෝගයක් නොදක්වන බැවින් ඔහු සැකකරුවකු ලෙස නම් කරන බවයි.

අදාළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කළ අතර අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කරන ලෙසටද දන්වා තිබෙනවා.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අබ්දුල් කාදර් මොහොමඩ් හම්සා නමැති සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කල අතර සැකකරු ඇප මත මුදාහරින ලෙසයි.

ටියුලිප් ඇග්‍රො හෝල්ඩින් සමාගම කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය සිදුකරන අතර බඩ ඉරුගු කිලෝවකින් රජයට ගෙවිය යුතු රුපියල් තුනක මුදල් නොපියවා පාඩු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනතේ 8(1)වගන්තිය යටතේ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේ, ලබන (2026) ජනවාරි 27 දිනටයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com