වාහන ලියාපදිංචිය වේගයෙන් ඉහළට – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

0
මෙම වසරේ මුල් මාස හතර තුළ මෝටර් රථ-යතුරුපැදි ලියාපදිංචියේ විශාල අඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෙම වසරේ මුල් මාස හතර තුළ මෝටර් රථ-යතුරුපැදි ලියාපදිංචියේ විශාල අඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

සැප්තැම්බර් මාසයේ පමණක් මෝටර් රථ 10,221ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ, මෙය මේ වසරේ මසක් තුළ සිදු කළ වැඩිම මෝටර් රථ ලියාපදිංචිය බවයි.

එමෙන්ම, සැප්තැම්බර් මාසයේ පමණක් යතුරුපැදි 32,845ක් ලියාපදිංචි කර තිබෙනවා.

මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා මෝටර් රථ 37,115ක් ලියාපදිංචි කර ඇති අතර, යතුරුපැදි එක්ලක්ෂ 60,590ක් අලුතින් ලියාපදිංචිව ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com